"අ..ආ..ඔව් මං අරන් එන්නම්...ඔහොමම front එකට එන්න...."
"නෑ මමත් එන්නම්.., I m really in need of them"
"ගොඩාක් දුර යන්න තියෙනවා Okay!!"
"අනී කමක් නෑ..මගේ වැඩේනෙ..යමු.."
"මොකෝ ඔයා ආවෙ නැත්තේ ක්ලාස්?"
"ඇයි බලන් හිටියද එනකන්...හි හි...!!!, "
"හා! නෑ නෑ, එදා හැබයි ගොඩාක් වැදගත් වගේ ඒවා සෙට් 1ක් ම කරා, අපරාදෙ ඇයි ආවෙ නැත්තේ?"
^^මං කලින් ඇහුවදා මන්දා ආවෙ නැත්තෙ මොකෝ කියලා^
"මේකයි සංජය...its like......I donno how to tell this but...මට ජීවිතේම එපා වෙලා වගේ දැන්...මාව තේරුම් ගන්න, මං ලඟ ඉන්න කෙනෙක් මට නෑ...
--ඔයාට මේවා මොකෝ කියන්නෙ කියලා හිතනවත් ඇති දැන් ඔයා..."
^^දැන් රසිකයා මගෙන් අහුවම, 'මොනාද උඹලා පාර දිගේ කතා කර කර ගියේ' කියලා...මේවා කොහොමද කියන්නෙ...^
"එහෙම අවුලක් නෑ...ඔයා ඕන එකක් කියන්න..අපි ඉන්නව ඔයා එක්ක...අමාරු වෙලාවක ලඟ නැත්තම් යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද..."
^^මං කට වරද්ද ගත්තද මන්දා..^
"මට හිතෙනවා ඔයා මට හොඳ යාළුවෙක් වෙයි කියලා මේ වෙලාවේ..."
"ඔව් කියන්න..."
"Last week මාව බලන්න කට්ටියක් ආවා, I mean proposal. But මං කැමති නෑ marry කරන්න තාම. මට ගොඩාක් ඉගෙනගන්න තියෙනව...කොයිතරම් දේවල් කරන්න තියෙනවද බදින්න කලින්", "එකෙන් මට class ත් miss උනා. අම්මලා මං කියන දේ ටිකක්වත් අහන්නෙ නෑ"
මොකක්ද මේ වෙන්නේ කියලා දැන් මටත් හිතාගන්න බෑ, රතුහාමිනේ පවු කියලත් හිතෙනවා. මොනා කරන්නද, දැන් ඉතින් ඕක අහන් හිටපන් පුතා..
"ඇත්ත තමා ඔයා කියන කතාවත්..අම්මල හැබැයි දැන් propose කරලා පස්සෙ marry කරවන්නද දන්නෙ නෑනෙ ඉන්නෙ. ඔයා ඒක ගැන හිතුවෙ නැද්ද?"
"එහෙම තමා අම්ම්ලා කරන්න හිතන් ඉන්නේ"
^^අපෝ ගොබ්බයා...මොනාද ඔය කියවන්නෙ උඹ. අම්මල දන්නව උඹට වඩා...^
"මං කොහොමද දන්නෙවත් නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්නේ, මං නම් තදින්ම විශ්වාස කරනවා කලින් දැන අඳුරගෙන ආදරය කරල තියෙන්නෙ ඕනා marry කරන්න කලින්..."
^^අනේ රසිකයෝ...කොහෙන් හරි පාත් වෙලා මට උදවු කරපන්කෝ, මේවා මට තෙරෙන්නෙ නැතෝ..^
"දැන් සුයාමා මොනාද කරන්න හිතන් ඉන්නෙ?.."
"ඒක නිසා තමා මං කිවෙ මට ජිවිතේ එපා වෙලා කියලා. මට ගොඩාක් බලපෑම් දැන් ගෙදරින්. Degree එකත් ඔනෙ නෑලු. අම්මල කියන්නෙ ගෑණු ළමයෙක් උනාම ඔය technology ඕනා නෑලු. හරියට මිනිහට සලකන්න දන්නව නම් ඇතිලු ගෑණියෙකුට"
"කතාවෙන් කතාවෙන් බෝඩිමටත් ආවා...සුයාම ඔහොම ඉන්න මං අරන් එන්නම් tutes ටික"
_________________________
මගෙ අම්මෝ...මේවට උපදෙස් දෙන්නෙ කොහොමද මං. බොරුවට පණ්ඩිතය වගේ කිවා කියලා තේරුනාද දන්නෙත් නෑ. කෝ මේ tutes ටික, බැග් එකත් අරන් ගිහින් සේපාලයා. කොහේ දැම්මද දන්නෙ නෑ.
වට්ටලා ඔක්කොම මූ...කනට දෙන්න ඔනා ජයකොඩියට මේකව එපා කියද්දි බෝඩිමට ගත්තට...
"Okay, here you go.... දැන් කොහෙටද සුයාමා යන්නේ? Uni ඇතුලටද? HKPයටද?"
"HKP?, මං යන්නෙ front එකට, මේව copy කරල හවසට දෙන්නම්, thank you සංජය"
"ඉන්න මං අරලවන්නම්"
"Oh, how sweet of you, මං දිනුෂාගෙ බෝඩිමට යනවා මෙතනින්, thanks again සංජය...see you"
'Okay, ඔය වැඩේ කරගන්නකෝ, අපි පස්සෙ කතා කරමු අනික් ප්‍රශ්නෙ ගැන.."
මතු සම්බන්ධයි....

දිගටම interval ද? කෝ ඉතුරු ටික ?
ReplyDelete