Thursday, November 26, 2009

(3) හමුවීම

"නෑ නෑ මට ඉන්නෙ පියුමි විතරයි, පියුමි විතරයි, පියුමි විතරයි, පියුමි විතරයි..."

"උඹ දැනටම බය වෙලානෙ සංජය...ඕක ජප කරන්නෙ නැතුව වරෙන් යන්න. සිරාවටම උඹ බයවෙලා.."

"ඒකිට බයේ නෙමේ බං...මුන් මොනාද දන්නෑ හිතන් ඉන්නෙ අපි ගැන...අනික පියුමිගෙ ලින්ක්ස් හැමතැනම ඉන්නවා. මේකි එක්ක ටෝක් දාගෙන ඉදලා ඉල්ලං මාමයිට් ගාගන්න වෙයිද දන්නෙ නෑ..."

"ඔහොම ශේප් එකේ බලමු කේස් එක මොකක්ද කියලා...ඒ ඇති...ඔය ඉන්නෙ"

"කඩ්ඩ කොටන්න ඕනෙද බං..?"

"මං දන්නෙ නෑ ඉතින්..උඹ කලින් කතා කරල තියෙන්නෙ කොහොමද?"

"කඩ්ඩ තමා..."

"Hi there...Good Morning, so.... whats the buzz?"

"Hello Sanjaya, GM!!, 'was wondering whether you've got the notes on IM, I mean from the day before last week.."

"Oh sure, but I don't have them with me now, you better wait till evening"

"Oops...! I am really in need of it, couldn't get them from any of my gals...okay, how about soon after the lecture?.."

"Well...you may have to wait till I get them back from my place"

"පත්තෑයා සර් එනවා...යමන් දැන්"

"Ha ha පත්තෑයා...!! We'd almost forgot your nickname Sanjaya..ok ok lets go"
____________________________________________

"යකෝ, උඹ මාව කෑවා...මගුලක් කරානෙ එතන..මොන මගුලකටද පත්තෑයා කිවේ...උන්ට ඒක අමතක වෙලා තිබිල තියෙන්නෙ, උඹ හොඳට රිෆ්‍රෙෂ් කරල දුන්නා"

"මොකෝ රතුමැණිකෙ කියන්නෙ..උඹට ලවු කිව්වද? උඹට සින්දු කවි ලියනවා කිව්වාද? හි හි..."

"නෑ බං, ගිය සතියට කලින් සතියෙ එකි සිමා ක්ලාස් අවෙ නෑ...එකෙ නොට්ස් ටික ඉල්ලුවා.."

"විද්ද හී සර ටික දෙන්න කිවෙ නැද්ද?.."

"Whats the discussion over there..?, any lecturer other than me?...I would not tolerate you talking in my lecture as I have clearly mentioned earlier..."

"Sorry sir, I just asked for today's handouts".

අම්මා..තව පොඩ්ඩෙන් එලියේ..




මතු සම්බන්ධයි....

1 comment: