Thursday, November 19, 2009

(2) දෑසින් කියු ඒ හැඟුම්..ආදරේ හැඟුම්..

දෑසින් කියු ඒ හැඟුම්..ආදරේ හැඟුම්..
රැඳීලා..බැඳීලා..මා හදවතේ...

වන මල් පිපී..බිඟු රැල් වෙලී..රස කල්පනා යා..කලා..
අද මෙන් හෙටත් ඈ හමුවුවොතින් නම්..තෙපලන්න ඕනේ මුවින්...

දෙකොපුල් සලා..පෑ මල් සිනා රස කල්පනා යා..කලා..
අද මෙන් හෙටත් ඈ හමුවුවොතින් නම්..තෙපලන්න ඕනේ මුවින්...


"ඉතින් උඹ ආයිත් පටන් ගත්තා...මං හිතුවෙ උඹට දැන් අමතක වෙලත් ඇති කියලා. ඕක අමතක වෙලාත් තිබ්බෙ මට. උඹ නිකන් කෙලවගන්න හදන්නෙ හරිද?.."

"නෑ නෑ නිකන් සින්දුවක් වත් කියන්න බෑනෙ උඹ එක්ක. මං රතුමැණිකෙට සින්දු කියනව කියලද උඹ හිතුවෙ...හි! හි! යමං ඉක්මනට, අද කට් උනොත් අට්ටෙන්ඩන්ස් නැතිවෙනව...ගිය සතියෙ පොලා කැපුවනෙ චමින්දයා දාපු මගෙ සයින් එක.."

"අද මොනාද බං, ඩේටා බේස් ද, OOP ද?..."

"OOP කොහෙද බං!! ඒක කලින් සෙමෙස්ටරේ තිබ්බෙ. මටයි හී සැරේ වැදුනෙ, උඹටයි මොළේ කොලොප්පන් වෙලා තියෙන්නෙ...යකෝ, අද MIS.."

"හා හා යං යං...කෝක උනත් එකම පොතේනෙ මං..."
___________________________________________

"කවද්ද බං ජුන්නො එන්නෙ? උං පරක්කුයි නේද? අපි ආවනෙ මැයි ඉවර වෙන්න කලින්.."

"ඒක තමා, අපේ උන්ට ඕනත් නෑ ඕවා බං දැන්, උන් ඉතින් ලෙවල් වෙලා නෙ ඉන්නෙ. බැච් ෆිට් තිබුනෙ ඉස්සර. ඒ දවස් වල අපේ පොර ටෝක් දුන්න උන් කෝ දැන්, අපිටත් අලයෝ කියාගෙන උන් හිටියේ..."

"වැඩක් නෑ අපේ උන් ගැන කතාකරලා..ජුන්නොත් එන දවසක ඒවි, අද උඹ නිදාගන්න එපා ලෙක්චරේ හරිද, මට බෑ උඹට ඇන ඇන ඉන්න...අනික් එක
උඹ රතුමැණිකෙ ගැන කියවන්න ගන්නත් එපා අනික් උන් ඉස්සරහා, මට විතරයි නේද උඹ කිවෙ සිද්දිය?"

"අපෝ දවසම ඉවරයි..අන්න PJ එනවා..දැනි උගෙ පොර අයිටම් එකක් කියවන්න ගනීවි...ඔව් කියාගෙන හිටපන් හරි, නැත්තම් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..."

"ආ මල්ලිලා..ගුඩ්මෝනිං කිව්වා...MIS නේද උදේම? පත්තෑයා, උඹව ඇහුවා උදේම රතුමැණිකේ..හෝල් එකේ එන්නව ගැට්ටම පිරිවරාගෙන, පලයන් ඉක්මනට".

"මළ මගුලයි...ඒ පාර මොකක්ද දන්නෑ කේස් එක..."

"මං කිවෙ උඹට, මොකක් හරි ඒකිගෙ තියෙනව, මතකනෙ ඊයෙ මං කිවා.."

"හරි තැන්ක්ස් මච්ං PJ, අපි දුවල යන්නම්...උඹ එනව නේද?"

"එල එල, මං ප්ලේන්ටියක් දාගෙන එන්නම්, උඹල පලයල්ලා..."



මතු සම්බන්ධයි....

No comments:

Post a Comment