Sunday, November 29, 2009

(4) පිය මැනුම...

"අපි යමුද?"
"අ..ආ..ඔව් මං අරන් එන්නම්...ඔහොමම front එකට එන්න...."
"නෑ මමත් එන්නම්.., I m really in need of them"

"ගොඩාක් දුර යන්න තියෙනවා Okay!!"
"අනී කමක් නෑ..මගේ වැඩේනෙ..යමු.."

"මොකෝ ඔයා ආවෙ නැත්තේ ක්ලාස්?"
"ඇයි බලන් හිටියද එනකන්...හි හි...!!!, "

"හා! නෑ නෑ, එදා හැබයි ගොඩාක් වැදගත් වගේ ඒවා සෙට් 1ක් ම කරා, අපරාදෙ ඇයි ආවෙ නැත්තේ?"
^^මං කලින් ඇහුවදා මන්දා ආවෙ නැත්තෙ මොකෝ කියලා^

"මේකයි සංජය...its like......I donno how to tell this but...මට ජීවිතේම එපා වෙලා වගේ දැන්...මාව තේරුම් ගන්න, මං ලඟ ඉන්න කෙනෙක් මට නෑ...
--ඔයාට මේවා මොකෝ කියන්නෙ කියලා හිතනවත් ඇති දැන් ඔයා..."

^^දැන් රසිකයා මගෙන් අහුවම, 'මොනාද උඹලා පාර දිගේ කතා කර කර ගියේ' කියලා...මේවා කොහොමද කියන්නෙ...^

"එහෙම අවුලක් නෑ...ඔයා ඕන එකක් කියන්න..අපි ඉන්නව ඔයා එක්ක...අමාරු වෙලාවක ලඟ නැත්තම් යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද..."
^^මං කට වරද්ද ගත්තද මන්දා..^

"මට හිතෙනවා ඔයා මට හොඳ යාළුවෙක් වෙයි කියලා මේ වෙලාවේ..."
"ඔව් කියන්න..."

"Last week මාව බලන්න කට්ටියක් ආවා, I mean proposal. But මං කැමති නෑ marry කරන්න තාම. මට ගොඩාක් ඉගෙනගන්න තියෙනව...කොයිතරම් දේවල් කරන්න තියෙනවද බදින්න කලින්", "එකෙන් මට class ත් miss උනා. අම්මලා මං කියන දේ ටිකක්වත් අහන්නෙ නෑ"

මොකක්ද මේ වෙන්නේ කියලා දැන් මටත් හිතාගන්න බෑ, රතුහාමිනේ පවු කියලත් හිතෙනවා. මොනා කරන්නද, දැන් ඉතින් ඕක අහන් හිටපන් පුතා..

"ඇත්ත තමා ඔයා කියන කතාවත්..අම්මල හැබැයි දැන් propose කරලා පස්සෙ marry කරවන්නද දන්නෙ නෑනෙ ඉන්නෙ. ඔයා ඒක ගැන හිතුවෙ නැද්ද?"
"එහෙම තමා අම්ම්ලා කරන්න හිතන් ඉන්නේ"

^^අපෝ ගොබ්බයා...මොනාද ඔය කියවන්නෙ උඹ. අම්මල දන්නව උඹට වඩා...^

"මං කොහොමද දන්නෙවත් නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්නේ, මං නම් තදින්ම විශ්වාස කරනවා කලින් දැන අඳුරගෙන ආදරය කරල තියෙන්නෙ ඕනා marry කරන්න කලින්..."

^^අනේ රසිකයෝ...කොහෙන් හරි පාත් වෙලා මට උදවු කරපන්කෝ, මේවා මට තෙරෙන්නෙ නැතෝ..^
"දැන් සුයාමා මොනාද කරන්න හිතන් ඉන්නෙ?.."

"ඒක නිසා තමා මං කිවෙ මට ජිවිතේ එපා වෙලා කියලා. මට ගොඩාක් බලපෑම් දැන් ගෙදරින්. Degree එකත් ඔනෙ නෑලු. අම්මල කියන්නෙ ගෑණු ළමයෙක් උනාම ඔය technology ඕනා නෑලු. හරියට මිනිහට සලකන්න දන්නව නම් ඇතිලු ගෑණියෙකුට"

"කතාවෙන් කතාවෙන් බෝඩිමටත් ආවා...සුයාම ඔහොම ඉන්න මං අරන් එන්නම් tutes ටික"
_________________________
මගෙ අම්මෝ...මේවට උපදෙස් දෙන්නෙ කොහොමද මං. බොරුවට පණ්ඩිතය වගේ කිවා කියලා තේරුනාද දන්නෙත් නෑ. කෝ මේ tutes ටික, බැග් එකත් අරන් ගිහින් සේපාලයා. කොහේ දැම්මද දන්නෙ නෑ.
වට්ටලා ඔක්කොම මූ...කනට දෙන්න ඔනා ජයකොඩියට මේකව එපා කියද්දි බෝඩිමට ගත්තට...

"Okay, here you go.... දැන් කොහෙටද සුයාමා යන්නේ? Uni ඇතුලටද? HKPයටද?"
"HKP?, මං යන්නෙ front එකට, මේව copy කරල හවසට දෙන්නම්, thank you සංජය"

"ඉන්න මං අරලවන්නම්"
"Oh, how sweet of you, මං දිනුෂාගෙ බෝඩිමට යනවා මෙතනින්, thanks again සංජය...see you"
'Okay, ඔය වැඩේ කරගන්නකෝ, අපි පස්සෙ කතා කරමු අනික් ප්‍රශ්නෙ ගැන.."



මතු සම්බන්ධයි....





Thursday, November 26, 2009

(3) හමුවීම

"නෑ නෑ මට ඉන්නෙ පියුමි විතරයි, පියුමි විතරයි, පියුමි විතරයි, පියුමි විතරයි..."

"උඹ දැනටම බය වෙලානෙ සංජය...ඕක ජප කරන්නෙ නැතුව වරෙන් යන්න. සිරාවටම උඹ බයවෙලා.."

"ඒකිට බයේ නෙමේ බං...මුන් මොනාද දන්නෑ හිතන් ඉන්නෙ අපි ගැන...අනික පියුමිගෙ ලින්ක්ස් හැමතැනම ඉන්නවා. මේකි එක්ක ටෝක් දාගෙන ඉදලා ඉල්ලං මාමයිට් ගාගන්න වෙයිද දන්නෙ නෑ..."

"ඔහොම ශේප් එකේ බලමු කේස් එක මොකක්ද කියලා...ඒ ඇති...ඔය ඉන්නෙ"

"කඩ්ඩ කොටන්න ඕනෙද බං..?"

"මං දන්නෙ නෑ ඉතින්..උඹ කලින් කතා කරල තියෙන්නෙ කොහොමද?"

"කඩ්ඩ තමා..."

"Hi there...Good Morning, so.... whats the buzz?"

"Hello Sanjaya, GM!!, 'was wondering whether you've got the notes on IM, I mean from the day before last week.."

"Oh sure, but I don't have them with me now, you better wait till evening"

"Oops...! I am really in need of it, couldn't get them from any of my gals...okay, how about soon after the lecture?.."

"Well...you may have to wait till I get them back from my place"

"පත්තෑයා සර් එනවා...යමන් දැන්"

"Ha ha පත්තෑයා...!! We'd almost forgot your nickname Sanjaya..ok ok lets go"
____________________________________________

"යකෝ, උඹ මාව කෑවා...මගුලක් කරානෙ එතන..මොන මගුලකටද පත්තෑයා කිවේ...උන්ට ඒක අමතක වෙලා තිබිල තියෙන්නෙ, උඹ හොඳට රිෆ්‍රෙෂ් කරල දුන්නා"

"මොකෝ රතුමැණිකෙ කියන්නෙ..උඹට ලවු කිව්වද? උඹට සින්දු කවි ලියනවා කිව්වාද? හි හි..."

"නෑ බං, ගිය සතියට කලින් සතියෙ එකි සිමා ක්ලාස් අවෙ නෑ...එකෙ නොට්ස් ටික ඉල්ලුවා.."

"විද්ද හී සර ටික දෙන්න කිවෙ නැද්ද?.."

"Whats the discussion over there..?, any lecturer other than me?...I would not tolerate you talking in my lecture as I have clearly mentioned earlier..."

"Sorry sir, I just asked for today's handouts".

අම්මා..තව පොඩ්ඩෙන් එලියේ..




මතු සම්බන්ධයි....

Thursday, November 19, 2009

(2) දෑසින් කියු ඒ හැඟුම්..ආදරේ හැඟුම්..

දෑසින් කියු ඒ හැඟුම්..ආදරේ හැඟුම්..
රැඳීලා..බැඳීලා..මා හදවතේ...

වන මල් පිපී..බිඟු රැල් වෙලී..රස කල්පනා යා..කලා..
අද මෙන් හෙටත් ඈ හමුවුවොතින් නම්..තෙපලන්න ඕනේ මුවින්...

දෙකොපුල් සලා..පෑ මල් සිනා රස කල්පනා යා..කලා..
අද මෙන් හෙටත් ඈ හමුවුවොතින් නම්..තෙපලන්න ඕනේ මුවින්...


"ඉතින් උඹ ආයිත් පටන් ගත්තා...මං හිතුවෙ උඹට දැන් අමතක වෙලත් ඇති කියලා. ඕක අමතක වෙලාත් තිබ්බෙ මට. උඹ නිකන් කෙලවගන්න හදන්නෙ හරිද?.."

"නෑ නෑ නිකන් සින්දුවක් වත් කියන්න බෑනෙ උඹ එක්ක. මං රතුමැණිකෙට සින්දු කියනව කියලද උඹ හිතුවෙ...හි! හි! යමං ඉක්මනට, අද කට් උනොත් අට්ටෙන්ඩන්ස් නැතිවෙනව...ගිය සතියෙ පොලා කැපුවනෙ චමින්දයා දාපු මගෙ සයින් එක.."

"අද මොනාද බං, ඩේටා බේස් ද, OOP ද?..."

"OOP කොහෙද බං!! ඒක කලින් සෙමෙස්ටරේ තිබ්බෙ. මටයි හී සැරේ වැදුනෙ, උඹටයි මොළේ කොලොප්පන් වෙලා තියෙන්නෙ...යකෝ, අද MIS.."

"හා හා යං යං...කෝක උනත් එකම පොතේනෙ මං..."
___________________________________________

"කවද්ද බං ජුන්නො එන්නෙ? උං පරක්කුයි නේද? අපි ආවනෙ මැයි ඉවර වෙන්න කලින්.."

"ඒක තමා, අපේ උන්ට ඕනත් නෑ ඕවා බං දැන්, උන් ඉතින් ලෙවල් වෙලා නෙ ඉන්නෙ. බැච් ෆිට් තිබුනෙ ඉස්සර. ඒ දවස් වල අපේ පොර ටෝක් දුන්න උන් කෝ දැන්, අපිටත් අලයෝ කියාගෙන උන් හිටියේ..."

"වැඩක් නෑ අපේ උන් ගැන කතාකරලා..ජුන්නොත් එන දවසක ඒවි, අද උඹ නිදාගන්න එපා ලෙක්චරේ හරිද, මට බෑ උඹට ඇන ඇන ඉන්න...අනික් එක
උඹ රතුමැණිකෙ ගැන කියවන්න ගන්නත් එපා අනික් උන් ඉස්සරහා, මට විතරයි නේද උඹ කිවෙ සිද්දිය?"

"අපෝ දවසම ඉවරයි..අන්න PJ එනවා..දැනි උගෙ පොර අයිටම් එකක් කියවන්න ගනීවි...ඔව් කියාගෙන හිටපන් හරි, නැත්තම් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ..."

"ආ මල්ලිලා..ගුඩ්මෝනිං කිව්වා...MIS නේද උදේම? පත්තෑයා, උඹව ඇහුවා උදේම රතුමැණිකේ..හෝල් එකේ එන්නව ගැට්ටම පිරිවරාගෙන, පලයන් ඉක්මනට".

"මළ මගුලයි...ඒ පාර මොකක්ද දන්නෑ කේස් එක..."

"මං කිවෙ උඹට, මොකක් හරි ඒකිගෙ තියෙනව, මතකනෙ ඊයෙ මං කිවා.."

"හරි තැන්ක්ස් මච්ං PJ, අපි දුවල යන්නම්...උඹ එනව නේද?"

"එල එල, මං ප්ලේන්ටියක් දාගෙන එන්නම්, උඹල පලයල්ලා..."



මතු සම්බන්ධයි....

Wednesday, November 11, 2009

(1) ඇරඹුම

මං ඇත්තටම දන්නෙ නෑ මොකක්ද ඒ ඇති උන හැඟීම කියලා. අවුරුදු දෙකක් කැම්පස් ඇවිත් ඔච්චර දැකල කතාකරලත්, ඒ වගේ දවසක්...කෙල්ලො නම් ඕන තරම් දැකල තියෙනවා, නමුත් මට එහෙම ඇඟවීමක් කවුරුත් කරලා නෑ. අත්තටම ඒක එයා මොකට කෙරුවද මංදා...

ඒක නම් අනිවා මට වැදුන මුල්ම "නෙතු හී සැරය".
"ඒ මොකක්ද ඒ?" කියල කෙලින්ම අහුවා rooma මගෙන්.
"හි හි!!", "මං දන්නෙ නෑ බං, ලඟදී ආපු මේල් එකක තිබ්බා එහෙම..".
"අනේ පලයන් යන්න, උඹටද ලුක් එකක් දුන්නෙ එකි? , දන්නවනෙ උඹ එකි කපටියි, හරි!"
"හරි හරි ඉතින් ලව් කරනව කිව්වද බං මං, නිකන් කිව්වා උන සීන් එක. කොටින්ම මට එහෙම එකක් වෙලා නැති නිසා".

"ඕක ගුගල් කරපන්...එකෙ ඇති තේරුම"
"හරි උඹට ජෝක්, ගිහින් නාගෙන වරෙන් මගෙන් මොකුත් අහගන්නෙ නැතුව. මගෙ බෑග් එකේ බලපන් උඹේ ෂේවින් ෆෝම් එක ඇති"

"නෑ නෑ උඹේ කතාව අහන්න මං ඉන්නවා, කියපන්කො ඉතින් මොකක්ද හරියටම සිද්දිය?"
"උඹට ජොක් නෙ ඉතින් හැම එකම, මං නිකන් කිවෙ උඹට. මොකුත් නෑ කියන්න."
"හරි හරි ඉතින් අගේ නොකර කියපන්z කො..."
"අ ආ වාඩි වෙයන්....උදේ මං බලයාගේ ලෙක්චරේ ඉවර වෙලා එනකොට රත්නේ, කපිලයා, සයිමා සෙට් එකම සින්දුවක් දාගෙන හිටියා කොරිඩෝ එකේ."
"උඹ මට සයින් එකක් දැම්මා නේද? , බලයා ගැන්නාද හිටපු ගාන?"
"ඕකනෙ ඉතින් අහපන්කො කතාව, මගුල!!!, ගැහුවා සයින් එකක්, අරූ බැලුවෙ නෑ"
"හරි හරි කියපන්"
"උන්ගෙ එහායින් හිටියා ගැට්ටෙ සෙට් එක, චම්පිකා, අනුරුද්ධි...උන් සෙට් එකම"
"අපොයී..මට නම් පේන්න බෑ උන්ව...මොන තරම් කෑලි උනත් වැඩක් නෑ උන් ගෙන්. මහ ලොකු එකනෙ උන්ගේ"
"මමත් ඉතින් ගනන් ගත්තෙ නෑ, පාස් කරන් ගියා. තවත් එහායින් සුයාමා හිටියා පූසී එක්ක කතාවක් දාගෙන, සුයාමා මගෙ පැත්ත හැරිලා උන්නෙ. මං ඉතින් ගුඩ් මෝනිං හිනාවක් දැම්මා සුයාමට."
"සුයාමා මොකුත් කිවෙ නැ, මං දිහා බලලා....මං කියන්නේ කෙලින්ම ඇස් දෙක දිහා බලලා, එයාගෙ ඇස් දෙක වැහුවා. මං දන්නෑ බං එක කියන්න තේරෙන්නෑ"
"සුයාමා කියන්නෙ රතුමැණිකෙ නේද?"
"ඔව් ඔව්"
"ඔව් තමා මේල් එක මටත් ආවා, එකෙ තිබ්බා ඔය සීන් එක. ඒ උනාට හේතුව අපි දන්නෙ නෑනෙ. උඹ ඉතින් මොකෝ කිවෙ?"
"මොකවත් කිවෙ නෑ, මං තේරුනේ නෑ වගේ ආවා"
"මොකක්ද ඉතින්
දැන් තියෙන ප්‍රශ්නෙ?"
"දන්නෑ, අමුතු හැඟිමක් ආවා එකි ගැන"
"ලවු ද?"
"මං දන්නෑ බං.......... උඹට පිස්සුද? පියුමි මරයි මාව."


"දැන් ඉතින් උඹ මගුලක්ද කතා කරන්නෙ, පියුමි ඉන්නවනෙ උඹට. රතුමැණිකෙ කොයි තරම් හී සැර එව්වත් වැඩැක් නෑ"

"හරි හරි හෙට බලමුකො...."
"හෙට මොනා බලන්නද, ඔය ගෑණු දන්නවා කොල්ලො අල්ලගන්න මායම්, හරිද? පැත්තකට වෙලා ඉදපන්."



මතු සම්බන්ධයි....